Saturday, February 1, 2020
දර කෝටුවේ බර
(අජාන් බ්‍රහ්මවංසෝ හිමි)
අතීතය අත්හැර දැමීම ගැන නොයෙක් ආකාරයෙන් කතා කළත් අප තවමත් අතීතයේ සිදු වූ වේදනාකාරී වූ අත්දැකීම් සිහිපත් කරමින් විඳවනවා. තමන්ට වැඩියෙන් යමක් අවශ්‍ය වූ විට දැනටමත් තමන් ළඟ තිබෙන දේවලින් සතුටක්, තෘප්තියක් ලබන්නට බැරි බව මා කියා තිබෙනවා. මෙය ඉතා ගැඹුරු කියමනක්. මේ නිසා අනාගතයේ මේ මේ දේ අවශ්‍ය යැයි ඇතිවන ඇලීම් අත් හරින්න. එවිට උදා වූ මොහොත, වර්තමානය රස විඳින්න පුළුවන්.
උදාවන සති අන්තයේ කරන්නේ කුමක්දැයි කල්තියා සැලසුම් කරන විට ඔබට මේ මොහොත රස විඳින්න බැරි වෙනවා. අතීතය සම්බන්ධයෙන් ද එය එසේම යි. අතීතය අත්හැර දමන්නට බැරිනම්, අතීතයේ සිදු වූ සිද්ධීන් සිහිපත් කරමින් සිටිනවා නම්, උදා වූ මොහොත රස විඳින්න බැරි වෙනවා. අතීතයේ වූ යම් යම් දේ ගැන සිහියට එනවිට වේදනාවන්, විඳවීම් ඇති වී, උදාවූ මොහොත සිහිනුවණින්, සතුටෙන් ගත කරන්න බැරි වෙනවා.
දවසක් මගේ ගුරුතුමා වූ අජාන් චා මහතෙරුන් වහන්සේ සමග මා ඇවිදිමින් සිටියා. ඒ අප ජීවත් වූ වනසෙනසුනේ. ඇවිදිමින් සිටියදී උන්වහන්සේ බිම වැටී තිබුණු දර කෝටුවක් අතට ගත්තා. “මේ දර කෝටුව කොයිතරම් බර ද?” උන්වන්සේ මගෙන් ඇසුවා.
මා උත්තර දෙන්න පෙර උන්වහන්සේ ඒ දරකෝටුව පසෙකට වීසි කළා. මට පුදුම හිතුණා.
“දර කෝටුව පැත්තකට විසිකළාට පස්සේ, ඒක තවත් බර නැහැ.”
උන්වහන්සේ පැවසුවා.
“එය බරක් වෙන්නේ ඔබ එය උසුලාගෙන සිටිනතාක් පමණයි.
මේක ඉතාම පැහැදිලි කාරණයක්. අතීතයේ සියලුම සිත් තැවුල් ඔබට වද වේදනා ගෙනදෙන්නේ ඒවා උසුලාගෙන සිටිනතාක් පමණයි. නමුත් දේවල් අහකට විසි කිරීම හරිම අමාරුයි. ඒ වගේ දෙයක් කරන්නට ඕනෑ වුණත් එයට අප පුරුදු වී නෑ.
Subscribe to:
Posts (Atom)
උපසාළ්හක බමුණාගේ කතාව (budu sarana newspaper)
මහාසාර කුලයෙහි උපන් උපසාළ්හක බමුණා කුලයෙන් ධනයෙන් හා බලයෙන් ඉහළ තත්ත්වයක ජීවත්වුණු කෙනෙකි. ඔහුගේ ජීවන වෘත්තිය වූයේ සොහොන් පිරිසුදු කිරීම ය...
-
We can normally see in a language two main parts named Nouns and Verbs. Noun is a name of a thing, a person or a place. When we study n...
-
Nouns in Pali are differently declined according to their gender and termination. e.g. - Nara - is a masculine stem, ending in ...
-
We did many activities following years. But since this blog's password missing could not add the things for you. Sorry for that and we u...