Monday, May 3, 2021
උපසාළ්හක බමුණාගේ කතාව (budu sarana newspaper)
මහාසාර කුලයෙහි උපන් උපසාළ්හක බමුණා කුලයෙන් ධනයෙන් හා බලයෙන් ඉහළ තත්ත්වයක ජීවත්වුණු කෙනෙකි. ඔහුගේ ජීවන වෘත්තිය වූයේ සොහොන් පිරිසුදු කිරීම යි.
මිසදිටු පුද්ගලයකු වූ ඔහු ඉතා ආසන්නයේ විහාරස්ථානයක වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට කිසිදිනෙක එහි නොගියේ ය. මානාධික වංශාධිපතියකු වූ ඔහුගේ අවසන් එකම ඉල්ලීම වූයේ මියගිය විට වෙනත් (වසල නීච) කිසිවකු මිහිදන් නො කළ නො ඉඳුල් ස්ථානයක තම දේහය ආදාහනය කරන ලෙසයි.
ඔහුගේ පුතා නුවණැති පුද්ගලයෙකි. මහලු පියාගේ ඉල්ලීම සාවධානව අසා සිටි පුතණුවන් සිය පියාගෙන් ඉල්ලා සිටියේ පියාණෙනි, ඔබ ආදාහනය කළ යුතු ස්ථානයක් නො දනිමි. එබැවින් මා රැගෙන ගොස් මෙන්න මේ ස්ථානයේ මා ආදාහනය කළයුතු යැයි ඔබ විසින් ම කියනු මැනවි.
පිය බමුණා පුතාගේ ඉල්ලීම අනුව පුතාත් සමඟ ගිජුකුළු පව් මතට නැඟ මේ ස්ථානය වෙනත් කුලහීන පුද්ගලයකු ආදාහනය නො කළ ස්ථානයකි. දරුවෝ ද සිය ආදරණීය පියාගේ ඉල්ලීම ඉටු කරන්නට කටයුතු යෙදූහ. කිසිදු මළ මිනියක් නො දැමූ ගිජුකුළු පව්ව මස්තකයෙහි පිරිසුදු බිමක් යැයි සිතා වසර සිය ගණනක් පැරැණි මහා වනස්පතියක් මුල හොඳට පිරිසිදු කොට සිය පියාගේ දේහය ආදාහනය කරන්නට සුදුසු ස්ථානය තෝරාගෙන සිටිය දී බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරා ගෙන එතැනට වැඩම කළහ.
බුදුරජාණන් වහන්සේ පිය පුතු දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව බුදු ඇසින් දුටහ. ගිජුකුළු පව්ව මුදුණේ සිට පහළට බසින්නා වූ පිය පුතු දෙදෙනා සමඟ සතුටු සාමීචියේ යෙදුණු බුදුරජාණන් වහන්සේ, ඔවුන් සමඟ පව්ව මතට නැඟ තෝරාගත් ස්ථානය විමසා බලා ඒ අවස්ථාවේ එතැන රැස්ව සිටි බමුණු දරුවන්ගෙන් තොරතුරු විමසා බලා බමුණු දරුවන් අමතා ‘දරුවෙනි, මළ මිනියක් මිහිදන් නො කළ නො ඉඳුල් තැනක් සොයා ගැනීම අතිශයින් ම දුෂ්කර ය. තොපගේ පියාණන් බමුණු කුලයෙහි පමණක් ඉපිද ඔය නමින් ම පමණක් ඔය ස්ථානයේ මිහිදන් කළ වාර ගණන පමණක් දාහතර දහස් වාරයක් වේ’යි වදාළ සේක.
Subscribe to:
Post Comments (Atom)
උපසාළ්හක බමුණාගේ කතාව (budu sarana newspaper)
මහාසාර කුලයෙහි උපන් උපසාළ්හක බමුණා කුලයෙන් ධනයෙන් හා බලයෙන් ඉහළ තත්ත්වයක ජීවත්වුණු කෙනෙකි. ඔහුගේ ජීවන වෘත්තිය වූයේ සොහොන් පිරිසුදු කිරීම ය...
-
We can normally see in a language two main parts named Nouns and Verbs. Noun is a name of a thing, a person or a place. When we study n...
-
Nouns in Pali are differently declined according to their gender and termination. e.g. - Nara - is a masculine stem, ending in ...
-
We did many activities following years. But since this blog's password missing could not add the things for you. Sorry for that and we u...
No comments:
Post a Comment